About Meemure

Escape in the beauty of nature

  • Home
  • About Meemure

Location

Meemure is a traditional village is located in the eastern slopes of dumbaravanapetē (Knuckles) mountain range.

The road to reach the village is difficult and you can reach the village through Hunnasgiriya and along the road across the village Thangappuwa. Presently you can reach the village through these routes using off-road vehicles and it is quite difficult to walk.

පිහිටීම

මීමුරේ සාම්ප්‍ර‍දයික ගම්මානය දුම්බරවනපෙතේ (නකල්ස්) නැගෙනහිර බැවුමට වන්නට පිහිටා ඇත.

මෙම ගම්මානය වෙත ලගාවීමේදී දුෂ්කර මාර්ගයක් ඔස්සේ හුන්නස්ගිරිය හරහා මෙන්ම තංගප්පුව ගම්මානය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ පැමිණීමේ හැකියාව ඇති අතර වර්තමානය වන විට තරමක් දුෂ්කර මාර්ගයන් පසුකරමින් කුඩා හෝ දුෂ්කර මාර්ගවල ගමන් කළ හැකි වාහනයක් භාවිතා කරමින් ගම්මානය වෙත පැමිණීමේ හැකියාව පවතී.

History

As The Legends, state Meemure has been a site of King Ravana habitat. They believe that the village named Maha Pabbatha belonged to king Ravana is presently named Meemure. And history states that king Ravana has landed his “Dandumonaraya”, vimana mythological flying machine on Lakegala Mountain after kidnapping Rama’s wife Sita. Beliefs states that there was an aerial to land the flying machine at the top of Lakegala Mountain.

Accordingly Mahapabbatha gramaya changed into Magakisigama and today known as Meemure.

ඉතිහාසය

ජනප්‍ර‍වාද වල සදහන් වන පරිදි මීමුරේ රාවණ රජුගේ වාස භූමියක්ව පැවතී ඇත. එනම් මාහා රාවණා රජුගේ මහා පබ්බත නම් ග්‍රාමය වර්ථමාන මීමුරේ ග්‍රාමය බවත් ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම රාවණා රජු සීතාදේවිය පැහැරගෙන දඩුමොණරයෙන් මෙම ලකේගල වෙත ගෙඩබසින ලද බව ජනප්‍ර‍වාදයේ එන පාරාවවුන් පවසන පරිදි ලකේගල මුදුන ගුවන් පතයක් සේ පිහිටා ඇත. ඒ අනුව මහා පබ්බත ග්‍රාමය මගකිස්ගම වූ බවත් පසුව මහමුරේ වී අදවනවිට මීමුරේ බවට පත්වූ බවත් පවසයි.

Ethnic settlement

There are several historic stories about the settlement of population at Meemure rural village. Initially a pre-historic man “ādivāsiyek” named bēdura has lived in this village. During the reign of King Walagamba there was a femine named bæminiyā which lead the Buddhist monks including Maliyadewa Arahant thero to reach meemure following the branches of the river “Heen” and continue to live in the caves at Meemure.

King Dutugemunu has conducted alms giving to these Buddhist monks and today this area is known as “Dandun Kuburu” paddy fields for alms giving. The Queen of King Walagamba sent three persons named Randunuge, Vaḍanahalu and Kahatagaha kubura in search of these Buddhist monks. And later they settled down in the valleys near the caves and assist the Buddhist Arahat Theros. Kælevatta, Ilukhēna, Karu valagahavela, Horaṇāgolla are the places they have settled.

Later Herath Hami from Poddelgoḍa killed the hunter named bēdura and settled down as three families named Udaha gedara, Mada gedera and Palleha Gedara. And respectively the families were named as Herath Mudiyanse, ekanayake Mudiyanse and Abhayasiṁha Mudiyanse.

Presently they believed that the present civilians at Meemure was descendents from them.

Later, due to an epidemics condition occurred in these valleys these three families get together and started living together naming the village as Pokkuru Gammadda ending up the three villages to one village.

ගම ජනාවාසවීම

මීමුරේ ගම්මානය ජනාවාසවීම පිලිබද ඓතිහාසික කතා කිහිපයක්ම පවතී. මෙම ගම්මානය තුල මුල් කාලීනව බේදුරුවා නම් ආදිවාසියෙකු ජීවත්වී ඇත. වලගම්බා රජ සමයේ ඇතිවූ බැමිනියානම් සාගතය නිසා අනුරාධපුර රාජධානියේ වැඩවාසය කරන ළද රහත් භික්ෂූන් වහන්සේ නමක් වන මලියදේව රහතන් වහන්සේ ඇතුළු පිරිස හීං ගගේ අතු ගංගාවක් හරහා මීමුරේ ගම්මානය වෙත පැමිණ මෙහි ඇති ගල්ගුහා වල වැඩවාසය කරන ලදී. එසේ පැමිණි රහතුන්ට දුටුගැමුණු රජු විසින් දන් පිළිගන්වා ඇති අතර එම ප්‍ර‍දේශය අද වන විට දන්දුන් කුඹුර ලෙස හදුන්වනු ලැබේ. මෙලෙස පැමිණි රහතුන්වහන්සේලා සෙවීමට රජ බිසව විසින් පුද්ගලයන් තිදෙනෙක් නම්කර එවන ලදී. එනම් රන්දුනුවා‚ වඩනහලු හා කහටගහ කුඹුරේ යන පුද්ගලයින් වේ. ඔවුන් රහතුන් වහන්සේලාට උපස්තාන කරමින් මෙම ගම්මානය අවට නිම්න ප්‍ර‍දේශවල පදිංචිවන්නට විය. කැලෙවත්ත‚ ඉලුක්හේන‚ කරුවලගහවෙල‚ හොරණාගොල්ල යන ස්ථාන වේ.

පසුකාලීනව පොද්දෙල්ගොඩ සිට පැමිණි හේරත්හාමි නම් පුද්ගලයා විසින් මෙතෙක්කල් මීමුරේ ජීවත්වූ බේදුරුවා නම් වැද්දා මරා එම ගමේ පවුල් තුනක් ලෙස පදිංචි විය.එනම් උඩහ ගෙදර‚ පල්ලෙහා ගෙදර හා මැද ගෙදර ලෙසයි. මෙම පවුල් තුන පිලිවෙලින් හේරත් මුදියන්සේ, ඒකනායක මුදියන්සේ හා අභයසිංහ මුදියන්සේ යන අය ආරම්භ කරන ලද අතර වර්ථමාන මීමුරේ වැසියන් ඔවුන්ගෙන් පැවත ගෙන එනු ලබයි.

එසේම පසුකාලීනව අවට නිම්න ප්‍ර‍දේශවල ජීවත් වූවන් එම ප්‍ර‍දේශ වල ඇතිවූ වසංගත තත්ව හමුවේ මීමුරේ ගම්මානය වෙත පැමින ඉහත පවුල් තුන සමග එකතු වෙමින් මීමුරේ පොකුරු ගම්මානයක් බවට පත්කර ගනිමින් කුඩා ගම්මැද්ද‚ මැද ගම්මැද්ද හා පහල ගම්මැද්ද ලෙස ව්‍යප්ත වී ඇත.

Environment

Meemure is located at the foot of the eastern slopes of Lakegala surrounded by the knuckles forest reservation. This village is enriched with Natural water springs and waterfall. Meemure village is given the accurate introduction by the villagers is the area at the foot of Lakegala with the Mee tree, Grocery shop, School and Temple.

පරිසරය

නකල්ස වන රක්ෂිතයේ නැගෙනහිර බෑවුමෙ පිහිටි මීමුරේ ගම්මානය ලකේගල පාමුල ස්වාභාවික දිය උල්පත් සහ දියඇලි වලින් පෝෂිතවූ ගම්මානයකි. මීමුරේ ගම ලෙස නිවැරදිව හැදින්වීමේදී ගම් වැසියන් හදුන්වනු ලබන්නේ ලකේගල පාමුල මී ගහ‚ කඩපිල‚ පාසල හා පන්සල පිහිටා තිබෙන ස්ථානය මීමුරේ ගම බවයි.

Economy

In the past, these villagers mainly did paddy cultivation and Chena cultivation. In these Chena cultivation they mainly grow sesame, millet and Green beans. In 1960s with the advancement of the economy in the village due to the cultivation of Ensal, Cardamom Seeds (Elettaria cardamomum) the shanties at the village developed into roofed houses.

And should mention that Mr Bodhi Liyanage headed the actions to build a school, and a better road including a medical centre in the village.

ආර්ථිකය

අතීතයේ මෙම ගම්මානයේ මූලික ජීවනොපාය වුයේ හේන්වගාව හා වී වගාවයි. එම හේන් වගාවේදී කුරහන්‚ තල‚ මෙනේරි‚ උදු‚ මුං ආදී බෝග වගා කර ඇත. 1960 දශකයේදී එනසල් වගාව ආරම්භයත් සමග ගමේ ආර්ථිකයේ දියුනුවත් වූ අතර පැල්පත් නිවාස වෙනුවට මනරං උළුසෙවිලි කරන ලද නිවාස ඉදිවීම ආරම්භ විය.

මෙහිදී සදහන් කළ යුතු විශේෂ කාරනයක් වන්නේ මෙම ගම්මානය සදහා පාසලක්‚ මාර්ග පහසුකම් හා සෞඛ්‍යායතන ලබා දීම සදහා මූලික වී කටයුතු කර ඇත්තේ බෝධි ලියනගේ මහතා විසිනි.

Social background

To speak of social background Meemure receive a special place for medicine, astrology and religious beliefs. As the villages, state Meemure is the best place to observe the star constellation. According to the legends saint (ivarayā) named Pulasti has introduced the astrology by observing the stars from the foot of lakegala.

When we talk about local medicine, till today medicine for the body, medicine for fractures, Snake medicines, Sorcery, Magic and Kem Krama (Local medicine) are used in Meemure.

සමාජ පසුබිම

මීමුරේ ගම්මානයේ සමාජ පසුබිම ගැන කතා කිරීමේදී වෙදකම‚ නක්ෂත්‍ර‍ය හා ආගමික ඇදහිලි වලට විශේෂ තැනක් හිමිවේ. ඔවුන්ගේ විශ්වාසය පරිදි මීමුරේ ගම්මානය යනු තාරකා මණ්ඩලය ඉතාම පැහැදිලිව නැරබිය හැකි ස්ථානයකි. පුලතිසි නම් ඉසිවරයා මීමුරේ ලකේගල හමුල සිට තරුමණ්ඩලය නිරීක්ෂණය කොට නක්ෂත්‍ර‍ය ගොඩනගා ඇති බව ජනප්‍ර‍වාදයේ එන මතයකි.

දේශිය වෙදකම ගැන කතා කිරීමේදී වර්තමානය වන විටත් සර්වාංග වෙදකම, කැඩුම් බිදුම් වෙදකම්, සර්ප වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, කෙම් ක්‍රම ආදී දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා වේ.

Faith and trust

Meemure villagers’ faith and trust is also very important. God Dadimunda Bandara and other special deities are worshiped accordingly for various purposes by the villagers’. The deities such as Gange Bandara, Kele Bandara, Vanni Bandara are also worshiped.

In addition, during every special occasion they offer the first meal to God also called as Adathtu pidima. And the Nanumura Mangallaye is a special even in the village of Meemure.

ඇදහිලි හා විශ්වාස

මීමුරේ ගම්වාසින්ග් ඇදහිලි හා විශ්වාසය ගැන කතා කිරීමේදී දැඩිමුන්ඩ බණ්ඩාර ඇතුළු දෙවිවරු ඇදහීම එනම් විවිධ කටයුතු සදහා විශේෂ වූ දේව මණ්ඩලයක් ඇදහීම සිදුකරනු ලබයි. එනම් ගගේ බණ්ඩාර‚ කැලේ බණ්ඩාර‚ වන්නිය බණඩාර‚ මංගර දෙයියා ආදී වේ.

ඊට අමතරව සෑම සුභ කටයුත්තකට ප්‍ර‍ථමයෙන් දෙවියන් වෙත මුල් ආහාර කොටස පුජා කිරීම නහනොන් අඩත්තු පිදීම සිදු කරනු ලබයි. එසේම නාන මුර මංගල්ලයද මීමුරේ ගම්මානය තුල සිදු කරනු ලබන විශේෂ උත්සව කටයුත්තක් වේ.

Feed pattern

The Meemure villagers’ have fulfil their food needs since the past times from the cultivated crops and also from the supplies of the surrounding environment. For examples Food with finger millet, maize Rice, maize porridge, bread, Roti, Pittu and also Manioc, Keselmuwa, sweet potato, and types of locally grown potatoes are used as food.

ආහාර රටාව

මීමුරේ ගම්වාසින් විසින් අතීතවේ සිට ඔවුන් විසින් වගාකරන ලද හා අවට පරිසරයෙන් සපයාගත් බෝග ආහාරයට ගෙන ඇත. උදාහරන ලෙස කුරහන් සහිත ආහාර‚ බඩඉරිගු බත්‚ බඩඉරිගු තලප‚ රොටී‚ පිට්ටු ආදී ආහාර සේම මඤ‍්‍‍ඤොක්කා‚ කෙසෙල්මුව‚ බතල‚ කටු අල‚ ඉන්නල‚ කිරිඅල‚ රාජඅල ආදිය ආහාර සදහා ගනු ලැබේ.

The story of Meemure

Meemure village, hiding under the beauty of the forest, was well known in the 90s and became famous among environmentalist foreign tourists during 1960 / 70's period. During 1980 s Environmentalists University students started visiting Meemure for their observations and experiments.

The Village became most famous due to the TV programs, Movies and dramas such as Sooriya Arana, Kastirama, Dumbara Wanapetha, Sarisara. Accordingly in year 2000 Meemure was famous among the foreigners and was frequently visited by them.

And then the Dumbara Forest surrounding Meemure was named as a Forest reservation and chena cultivation was abolished and also Ensal cultivation was also banned due to clearing of forest for cultivation was prohibited. Accordingly in 1984 as an alternative crop villagers started growing pepper.

Due to this, the villagers start focusing on the providing facilities to the foreigners who visited Meemure as their main livelihood, chena culivation was limited.

මීමුරේ ගම්මානය වර්ථමානය තෙක් ආ ගමන් මග

වනපෙතේ සුන්දරත්වය හමුවේ සැගවී තිබූ මීමුරේ ගම්මානය 90 දශකයේදී තරමක් ප්‍ර‍සිද්ධියට පත්වූ අතර 1960 / 70 දශක වල පරිසරවේදී විදේශිකයන් වන සංචාරය සදහා මෙම ගම්මානය වෙත පැමිණ ඇත.

1980 දශකය වනවිට පරිසරවේදීන් විශ්ව විද්‍යාල සිසුන් පරීක්ෂණ කටයුතු සදහා පැමිණිම සිදුවිය.

මෙම ගම්මානය වඩා ප්‍ර‍සිද්ධවීම සිදුවීම ආරම්භ වූයේ සුරිය අරණ‚ කස්තිරම‚ දුම්බර වනපෙත‚ සැරිසර වැනි වැඩසටහන්‚ චිත්‍ර‍පට‚ නාට්‍ය හා රූපවාහිනී වර්ථා වැඩසටහන් හරහාය. ඒ අනුව 2000 වර්ෂය වනවිට මෙම ගම්මානය වෙත සංචාරකයන් ලෙස මිනිසුන්ගේ පැමිණීම වර්ධනයක් සිදුවිය.

මෙහිදී දුම්බර වනය වනරක්ෂිතයක් ලෙස නම්කිරීමත් සමග කැලෑ එලිපෙහෙලි කිරීම සීමා වූ අතර එනසල් වගාවද තහනම් කරන ලදී. ඒ අනුව 1984 වර්ෂයේදී විකල්ප බෝග ලෙස ගම්මිරිස් වගාව ආරම්භ කරන ලදී.

ඒ අනුව වනරක්ෂිත නියම කිරීම‚ හේන්වගාව සිමා විම යන කාරනාද හේතු සාදක කොට ගෙන මීමුරේ නැරබීමට පැමිනෙන දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීමට ගම්වාසීන් යොමුවිය.

For consideration

Meemure Wana Arana is always ready to provide a something new for tourists and visitors and also all the arrangements are done considering the protection of the nature. So, whenever you visit Meemure always keep the village beautiful and protect the nature.

සැලකිය යුතුයි.

මීමුරේ වන අරණ සෑම විටම සංචාරකයින් සදහා අලුත් දෙයක් ලබාදීමට උත්සහා කරන අතර නිරන්තරයෙන් ස්වභාව ධර්මයේ ආරක්ෂකයින් ලෙස සිටීමත් එම සියළු කටයුතු සූදානම් කරයි. එබැවින් මීමුරේ නැරබීමට පැමිණෙන ඔබත් එම ගම්මානයේ සුන්දරත්වය රැක ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න.

Adventures around Meemure

  • Trekking
  • Mountaineering
  • Cave Hunting
  • Birds Watching
  • Water Activities
  • Village Exploration

Looking for an Adventure ?

We “Rapid Adventures” are an outdoor adventure company specialized in nature trails, trekking, hiking and camping. Our mission is to provide extraordinary adventure and mesmerizing experience with best guidance of young energetic and experience guides ensuring your safety as well.

Show Packages